ප්‍රධාන මාතෘකාව

විශේෂිත මාතෘකා

4
විශේෂිත මාතෘකා ලැයිස්තුගත කර ඇත

ස්වෙච්ඡා සේවය යනු, ශ්‍රී ලංකාවේ හරවත් සම්ප්‍රදායයන් තුළ මුල් බැසගෙන ඊටම කාවැදුණු සද්කාර්යයකි.  කාලයත් සමඟ අරමුණ අතින් එය යම් ආකාරයකට වෙනස්කම් වලට බඳුන් ව ඇතත්, එහි ප්‍රතිපත්ති වල වෙනසක් සිදුව නොමැත.  ස්වෙච්ඡා ක්‍රියාකාරකම් වලට සම්බන්ධවීම පිළිබඳව මහජනයා තුළ ඇති උනන්දුව ඉහළ යාමත් සමඟ ස්වෙච්ඡා සේවකයින්ට සහභාගි විය හැකි අවස්ථාවන් ද ඒ හා සමානව ඉහළ යාම නිසා, රට තුළ ස්වෙච්ඡා සේවය නියාමනය කිරීම පිණිස රාමුවක් හෝ නීත්‍යානුකූල ලේඛනයක් හෝ අවශ්‍ය කෙරෙයි.  ස්වෙච්ඡා සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් ශ්‍රී ලංකාව තුළ සංවිධානගත ස්වෙච්ඡා සේවය ප්‍රවර්ධනය, සම්බන්ධීකරණය, ඒකරාශි කිරීම, සහ ස්ථාපනය කිරීම පිළිබඳව ජාතික මට්ටමින් සම්බන්ධවීමේ හැකියාව ලබාදේ.  වත්මන් UNLOCKED සාකච්ඡාව මගින් අරමුණු කරනුයේ, මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ හැකි වඩාත්ම ප්‍රායෝගික ක්‍රමවේදයන් හඳුනාගැනීම ය.  ඵලදායී ජාතික ක්‍රියාකාරී සැලසුමක් සකස්කිරීමේ දී, ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු හඳුනාගැනීම එහි ලා උපකාරී වනු ඇත.  ස්වෙච්ඡා සේවකයන්ගේ උත්සාහයන් කාර්යක්ෂම අන්දමින් උපයෝගී කරගැනීම හරහා තිරසාර සංවර්ධනය වෙත රට සමීප කරවීමට එම ජාතික ක්‍රියාකාරී සැලසුම ඉවහල් වනු ඇත.

  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.