Effective Volunteer Recognition
ස්වෙච්ඡා සේවය අප රටේ ආර්ථිකය, සමාජයීය සහ සංස්කෘතික සංවර්ධනය වෙත සැලකිය යුතු අන්දමේ දායකත්වයක් ලබා දේ. එසේම, එවැනි ස්වෙච්ඡා සේවයන් පැන නගින්නේ තනි පුද්ගල ස්වෙච්ඡා සේවකයන් අතරිනි. සමාජයේ සුභසිද්ධිය උදෙසා පරාර්ථකාමී අයුරින් කටයුතු කරන ප්‍රජා ස්වෙච්ඡා සේවකයින් රැසක් ශ්‍රී ලංකාව සතු ය. බොහෝ විට ඔවුන්ට සිය ප්‍රජාවන් වෙතින් හිමි විය යුතු ‘පිළිගැනීම’ ලැබෙන්නේ නැත. ස්වෙච්ඡා සේවය වෙත දිරිගැන්වීම සහ පෙළඹවීම උදෙසා, ස්වෙච්ඡා සේවකයින්ගේ කාර්යභාරයන් දේශීය මට්ටමින් පිළිගැනීමට ලක් කිරීමේ අවශ්‍යතාවක් ඇති බැව් එයින් පැහැදිලි වේ. එබැවින්, ජාතියේ ස්වෙච්ඡා සේවකයින් පිළිගැනීමට ලක් කළ හැකි විධිමත් ප්‍රවේශයක් ජාතික ක්‍රියාකාරී සැලසුමට ඇතුළත් කිරීම අතිශය වැදගත් කරුණක් ය.