දේශගුණයට මුහුණ දීමට රජරටින් උගත් පාඩම්
එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සංවිධානය
31 அக்டோபர் 2019

දේශගුණික විපර්යාස නූතන ශිෂ්ටාචාරය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයයි. මෙතෙක් සංකල්පයක් ව පැවති මෙම විපර්යාස මේ වන විට ප්‍රායෝගික ව සිදු වෙමින් පවතී. ප්‍රදාන භූ විෂමතා කලාප 3 කින් සහ දේශගුණික කලාප 3 කින් ආවරණය වී ගංගා ද්‍රෝණි 103 ක් සහිත වන ශ්‍රී ලංකාව මේ ගැටලුවට මුහුණ දෙමින් සිටී. රටේ සමස්ත භූමියෙන් 1/6 කට වැඩි ප්‍රමාණයක් පෝෂණය වන මහවැලි ද්‍රෝණිය අවට ජීවත් වන ජනතාව මෙම වන විට මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා වලට අනුකූලව ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය පසුගිය දශක 3-4ට සාපේක්ෂව 7% කින් අඩු වී ඇත. වාර්ෂික වාර්තා අනුව වායුගෝලීය උෂ්ණත්වය තවදුරටත් ඉතා අධික ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවක් හා අවදානමක් දක්නට ලැබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවෙන නියඟ තත්ව වලින් වැඩි බලපෑමක් ඇති වී ඇත්තේ උතුරු මැද පළාතටයි. එමගින් ඇතිවුන අහිතකර බලපෑම වන්නේ රටේ කෘෂිකර්මාන්තය අඩාල වීමයි.

රෝග පළිබෝධ වැඩි වීම,නියඟ කාලයන්හිදී භාවිතා කල හැකි ජල ප්‍රමාණය අඩු වීම,කිරි අස්වැන්න අඩු වීම,වසංගත රෝග පැතිරීම,වකුගඩු රෝග වැනි රෝග පැතිරීමේ අවදානම වැඩි වීම වැනි ගැටලු බොහෝමයකට මෙම දේශගුණික විපර්යාස හේතු වී ඇත.
මෙම අර්බුදයට මුහුණ දීම පිණිස ශ්‍රී ලංකා රජය විසින් ලෝක ආහාර සංවිධානය සමග වර්ෂ 2014 දී සම්බන්ධ විය. මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව දේශගුණික විපර්යාස වල අහිතකර බලපෑම් වලට ගොදුරු වූ ප්‍රජාව ඉන් මුදා ගැනීම මෙහි අරමුණයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් සංවිධානය (UNDP) මගින් දේශගුණික විපර්යාස වලට අනුවර්තනය කිරීමේ සය අවුරුදු ව්‍යාපෘතියක් (CCAP) ආරම්භ කරන ලදී. එමගින් ආවරණය වන දිස්ත්‍රික්ක ගණන 2 කි. එනම් පොළොන්නරුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයි. ඉන් ප්‍රතිලාභ සැලසෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 3කි. එනම් නුවරඑළිය,වලපනේ සහ පොලොන්නරුවේ මැදිරිගිරිය හා ලංකා පුර යන කොට්ඨාසයි. එමගින් ග්‍රාම නිලධාරි වසම් 60ක් ආවරණය කෙරේ.

අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු,රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන,ප්‍රාදේශීය ගොවි සංවර්ධන සංවිධාන ද පාර්ශව කරුවන් ලෙස යොදා ගනිමින් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතියේ දෙවෙනි අදියර එක්සත් ජාතීන්ගේ සංවර්ධන සංවිධානය විසින් වර්ෂ 2016 ඔක්තෝබර් 28 වන දින සිට ආරම්භ කරන ලදී. 2017 වර්ෂයේ සිට එහි දෙවෙනි අදියරේ ව්‍යාපෘති ආරම්භ කරන ලදී. මෙය මූලික වූ විශේෂ අරමුණු 2ක් ඔස්සේ බල ගන්වන ලදී.එනම්,වැසි දියෙන් වගා කරන වගා පවුල් සදහා ගෘහාශ්‍රිත ආහාර සුරක්ෂිතභාවය සහ නම්‍යශීලී ජීවනෝපාය මාර්ග ගොඩ නැංවීම හා දේශගුණික විපර්යාස මත සිදු වන වර්ෂාපතන විචල්‍යතාවෙන් හා සම්බන්ධ අවදානම අඩු කිරීම සදහා දෙශීය,ප්‍රාදේශීය,ග්‍රාමීය සේවා සැපයීමේ ආයතනික ශක්‍යතා වැඩි දියුණු කිරීමයි.

2020 ඔක්තෝබර් 28 වන විට මෙම ව්‍යාපෘතියෙ වැඩ නිම කිරීමට නියමිතයි. මේ වන විට ඉතා සාර්ථකව දිවෙන මෙම වැඩ පිලිවල මගින් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙ ජන ජීවිත මෙම දේශගුණික විපර්යාස වලට අනුවර්තනය කිරීමට සමත් වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් සංවිධානය කරන්නන්ගේ සංවිධානයේ 21 දෙනෙක් පමණ මේ වන විට පොලොන්නරුව හා නුවර එලිය දිස්ත්‍රික්ක වල සිවිල් ජනතාව මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ කර ගෙන මෙය දිගු කාලීන ව පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු පිළියෙල කරමින් පවතී.

ආහාර කළමනාකරණ පද්ධතියක් පොලොන්නරුව දිස්ත්‍රික්කයට හඳුන්වා දී ඇති අතර ගෘහණියන් යොද ගෙන එහි කටයුතු සාර්ථකව පවත්වා ගෙන යනු ලබයි. සුහුරු කෘෂිකර්මාන්ත ක්‍රමවේදයක් නව තාක්ශනය හා අඩු ජල පහසුකම් යටතේ එම ජනතාවට මේ වන විට ඔවුන් විසින් හඳුන්වා දී ඇත.

ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහල නැංවීම සදහා වී වගාවට අමතරව කාබනික පොහොර භාවිතා කර කාබනික වගාවට මිනිසුන් මෙ වන විට යොමු කර ඇත. ඉන් රසායනික පොහොර භාවිතයෙන් ඇතිවෙන වකුගඩු රෝග වැනි අහිතකර රෝගාබාධ අවම කර ගත හැකියි.  මෙම ව්‍යාපෘතිය සමහර දේශපාලන බලපෑම් ද මග හරවා ගනිමින් මේ වන විට සාර්ථකව අවසන් වීමට නියමිතය.2020 වන විට එම ග්‍රාමීය ජනතාවගෙ ආදායම 40% කින් පමණ ඉහල දැමීම ට මෙමගින් හැකි වෙනු  ඇත. එවිට ජනතාවට සුරක්ෂිත ආදායමක් හිමි වේ. දේශගුණික හා කාලගුණික බලපෑම් හේතුවෙන් පොලොන්නරුව ප්‍රදේශයට බලපෑ නියඟයෙන් දැඩි බලපෑමක් එල්ල වන පොලොන්නරුවේ මැදිරිගිරිය සහ ලංකා පුර ප්‍රදේශ වලට කාබනික වගා ක්‍රම හඳුන්වා දීම මගින් යල සහ මහ කන්න වල වැඩි අස්වැන්නක් ලබාගැනීමට මෙහීදී හැකියාව ලැබේ.

ප්‍රදේශයේ පවුල් 1200ක සාමාජිකයන් 13904 දෙනෙක් පමණ මෙමගින් ප්‍රතිලාභ ලබා ගැනීමට නියමිත ය. “වැව් ගම් පුබුදුව” නමින් වාරි මාර්ග ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙලක්ද මේ වන විට ක්‍රියාත්මකයි. එමගින් ප්‍රදේශයේ වැව් 104ක් පමණ පිළිසකර කර නැවත ගොවිතැන් සදහා යොදා ගත හැකියි. ජනතාවට දේශගුණික විපර්යාස හේතුවෙන් දැඩිව බලපා ඇති ජල හිඟයට විසදුමක් ලෙස මෙය ක්‍රියාත්මක කර ඇත.

මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආර්ථික මට්ටම, දල නිෂ්පාදනය වේගය මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඉහළ ගොස් තිබීම මෙහි සාර්ථකත්වය පෙන්විය හැකි ප්‍රබල සාක්ෂියකි.

2018 මහ බැංකු වාර්තාවට අනුව කෘෂිකාර්මික, කාර්මික අංශ වල වර්ධනයක් පසුගිය වසර වලට සාපේක්ෂව මෙම වසරෙ දී වාර්තා වී ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ජනතාවට පමණක් නොව නාගරික ජනතාවට ද ලබාගත හැකි ප්‍රතිලාභ බොහෝයි. ග්‍රාමීය නාගරික භේදයකින් තොරව රටේ ආර්ථික මට්ටම මෙමගින් ඉහල යයි. කෘෂිකාර්මික,කාර්මික ක්ෂේත්‍ර වල තිරසාර සංවර්ධනයට මෙම ව්‍යාපෘතිය ඉවහල් වනු ඇත.

 

கருத்துக்கள்(0)

  • உள்நுலைக அல்ைது பதிவவசய்க
  • கடவுச்சொல்லை மறந்துவிட்டீர்களா
  • புதிய கடவுச்சொல்
  • பதிவுவசய்க
உங்கள் தகவலை கீழே உள்ளிடவும்
உங்கள் தகவலை கீழே உள்ளிடவும்
உங்கள் கடவுச்சொல்லை இழந்தீர்களா? உங்கள் பயனர்பெயர் அல்லது மின்னஞ்சல் முகவரியை உள்ளிடவும். மின்னஞ்சல் வழியாக புதிய கடவுச்சொல்லை உருவாக்க நீங்கள் இணைப்பைப் பெறுவீர்கள்.